අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...
වන්නි විශේෂ මෙහෙයුම් රාශිමුලයේ 20 යි 20 ක්‍රිකට් කණ්ඩායම අම්පාර කඳවුරු
ක්‍රිකට් කණ්ඩායම ලකුණු 21 කින් පරාජයට පත් කරමින් අන්තර් ඒකක 20 යි 20
ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත්විය





ඊයේ (07) දින ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර
සිල්වාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී අවසන් තරගය
සංවිධානය විය.   

කාසියේ වාසිය හිමි කරගත් අම්පාර කඳවුර පලමුව පන්දුවට පහරදීමේ වාරය වන්නි
මෙහෙයුම් රාශිමුලයට ලබාදුන් අතර ඔවුන් ඔවර් 20 අවසානයේ කඩුළු පහක් පමණක් දැවී ලකුණු 166 ලබා ගැනීමට   සමත්විය. වන්නි කඳවුර වෙනුවෙන් නායක ගුවන් භට පෙරේරා අගනා වටිනා ලකුණු 65ක් ලබා ගත් අතර ඔහුට අගනා සහයක් ලබා දුන් ගුවන් භට මදුසංක ලකුණු 25ක් ලබා ගන්නා ලදී. අම්පාර කඳවුර වෙනුවෙන් කෝප්‍රල් රාජපක්ෂ ලකුණු 21 කට කඩුළු 2ක් ලබා ගැනීමට සමත් විය.  
 
ලකුණු 167ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අම්පාර කඳවුර සියළු කඩුලු අහිමිව ලකුණු 145 පමණක් ලබා ගැනීමට හැකිවිය. ගුවන් භට රුක්මල් ලකුණු 29 කට කඩුළු 3ක් සහ ගුවන් භට මදුසංක ලකුණු 30 කට කඩුළු 3ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට  රැගෙන එන ලදී. නායක ගුවන් භට පෙරේරා ලකුණු 16කට කඩුළු 2ක් ලබා ගනිමින් වන්නි විශේෂ මෙහෙයුම් රාශිමුලයේ ජයග්‍රහණය තහවුරු කරන ලදී.ලකුණු 38ක් ලබාගත් කෝප්‍රල් පුෂ්පකුමාර අම්පාර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය.

අම්පාර කඳවුරේ ගුවන් භට ජයරත්න හොඳම පන්දු යවන්නා ලෙස ඇගයීම් ලැබූ අතර වන්නි විශේෂ මෙහෙයුම් රාශිමුලයේ නායක ගුවන් භට පෙරේරා තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ විරයා ලෙස අභිෂේක ලැබූ අතර තුන් ඉරියව්වෙන්ම දක්ෂතම ක්‍රීඩකයා සය හොඳම පිතිකරු සම්මාන ද ඔහුට හිමිවිය. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි