රාජ්‍යය ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් මෙහෙයුමි මධ්‍යස්ථානය ගුවන් හමුදා මුලස්ථානයේදි විවෘත වෙයි
1:35pm on Thursday 8th March 2018
රාජ්‍යය ආරක්ෂක අමාත්‍යාංශය මගින් ආරමිභ කරන ලද සයිබර් මෙහෙයුමි මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මැතිතුමාගේ අරාධනය පරිදි රාජ්‍යය ආරක්ෂක අමාත්‍යාංශයෙහි ලේකමි කපිල වෛද්‍යරත්න මහතා අතින් 2018 පෙබරවාරි මස 26 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදි විවෘත විය.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ආරක්ෂක ලේකමිවරයා ගුවන් හමුදා කදවුර කොළඹල අණදෙන නිළධාරි එයාර් කොමඩොර් වරුණ ගුණවර්ධන  විසින්  පිළිගැනිමෙන් අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය මගින්   සමිමාන මුරයක් පවත්වනු ලැබිය.

 ගුවන් හමුදා මුලස්ථානයේදි ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානින් හමුවු අතර ආරක්ෂක ලේකමිවරයා හට ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශණ පතිරණ විසින් ජාතික ආරක්ෂාව සැලසිම සදහා ගුවන් හමුදාව වර්තමානයේ ඉටුකරන කාර්යභාරය පිළිබදව පුර්ණ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබිය.

 තවද ගුවන් හා සමුදි‍්‍රය යුධ උපාය සමිබන්ධිකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂක චාරිකාවක නිරත වු ආරක්ෂක ලේකමි වරයා වෙත එහි මාණ්ඩලික නිළධාරි වශයෙන් කටයුතු කරන එයාර් කොමඩෝර් ඩිල්ෂාන් වාසගේ විසින් ගුවන් හමුදාෙවි ගුවන් ආවේක්ෂණය හා ඒ සදහා යොද ගන්නා නියමුවන් රහිත ගුවන් නිරික්ෂණ යානා පිළිබදවද දැනුවත් කරන ලදි.

ගුවන් හමුදා මුලස්ථානයේ ආරමිභ කරන ලද සයිබර් මෙහෙයුමි මධ්‍යස්ථානයෙහි ති‍්‍රවිධ හමුදාවට අයත් සයිබර් ආරක්ෂක විශේෂඥයින් පැය 24 පුරා රාජකාරි කටයුතු සිදුකරනු ලබන අතර මෙම සයිබර් මෙහෙයුමි මධ්‍යස්ථානය අධික්ෂණ මධ්‍යස්ථානයකින් සහ සයිබර් ආරක්ෂක විශ්ලේෂණ විද්‍යාගාරයකින්ද සමන්විතය. 


   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි