අංක 61 වන බලපන්තිය සිය පස්වන සැමරුම සමරයි
රත්මලාන මූලික කඳවුරු අංක 61 වන පක්ෂාංගය සිය පස්වන සැමරුම ආගමික කටයුතු වලට මූලිකත්වය දෙමින් රත්මලාන 'සදුන් විහාරයේ'  ශ‍්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. තවද මත්තේගොඩ 'සිංහ සල්සෙවන' ළමා නිවාසයේ දරු දැරියන් උදෙසා දිවා ආහාරය හා තෑගි පාර්සල් ප‍්‍රධානය කිරීමක් ද සිදුකරන ලදී.

සැමරුම් දින පෙළපාලි පරීක්ෂාව අංක 61 වන බලපන්ති අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සමීර ගුණවර්ධන විසින් සිදුකරන ලදී. අංක 61 වන බලපන්ති සේවා පුද්ගලයින් හා සිවිල් සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් එල්ලේ තරගයක් සංවිධානය කල අතර එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස රත්මලාන මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රවීන්ද්‍ර ලියනගමගේ මහතා සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි