මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 11 වන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 11 වන සංවත්සරය 2018 ජූනි මස 01 වන දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව 2018 මැයි මස 30 වන දින "වෙදහන්දිය" අවට ප‍්‍රදේශයේ මාර්ග පවිත‍්‍රතා කටයුතු හා අළුත්වැඩියා කටයුතු සිදුකරණ ලදී. 

ජූනි මස 01 වන දින සංවත්සර පෙළපාලිය කඳවුරු අණදෙන නිළධාරීතුමන් වන විංග් කමාන්ඩර් ඒල් පී දහනායක විසින් පරීක්‍ෂාවට භාජනය කරන ලදී. තවද ගම්පහ දිස්ත‍්‍රික් ලේඛම් කාර්යාලය හා දිවුලපිටිය ප‍්‍රදේශිය ලේඛම් කාර්යාලය ඒක්ව පැල සිටුවීමේ වැඩසටහනක් කඳවුරු පරිශ‍්‍රයේදී සංවිධානය කරන ලදී. ක‍්‍රිකට් තරගයක් හා සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා ආහාරයක්ද සමගින් 11 වන සැමරුම නිමාකරණ ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි