24 වන ගුවන් ලක්සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ
ගුවන් ලක් සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ සාදා නිමකරන ලද 24 වන නිවස සැරයන් බණ්ඩාර් ආර්එම්යූජේ හට ප‍්‍රදානය කිරීම පසුගිය 2018 අගෝස්තු මස 08 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ගෙලිඔය ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ සීගිරිය ගුවන් හමුදා කඳවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම මත සිදුකරනු ලදී.
ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ, සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස්, නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.