ගාලු සමය 2009
ගාලු සමය 2009 ප්‍රදර්ශණය හා සැණකෙළිය 2009 දෙසැම්බර් මස 27 දින සිට 2009 දෙසැම්බර් මස 31 දින දක්වා ගාලු කොටු පවුර භුමි පරිශ්‍රයේදි පැවත්විනි. මෙම සැණකෙළිය ප්‍රදර්ශන කුටි, සංකෘතික ස්ංදර්ශන, විලසිතා ස්ංදර්ශන, ගාලු පුරවරයේ ඉතිහාසය පිළිබඳ දැනුවත් කෙරෙන වීදි සංචාර හා පෙලපාලි  සහ ඉපැරණි මෝටර් රථ රැලියකින්ද සමන්විත විය.


ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවන් නියොජනය කරමින් ඉදිරිපත් කර තිබු ප්‍රදර්ශන කුටි අතරින්  ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රදර්ශන භුමිය සඳහා විශාල ප්‍රේක්ෂක අවධානයක් හිමිවිය. මෙම දින 05 ඇතුලත 125000 පමණ ප්‍රෙක්ෂක ජනතාවක් ගුවන් හමුදාවේ ප්‍රදර්ශන භුමිය වෙත පැමිණි බව සංවිධායක මණ්ඩලය පවසයි.
 
දෙසැම්බර් 28 දින "ශ්‍රි ලංකා ගුවන් හමුදා දිනය" ලෙස වෙන් කෙරුණු අතර එදින ගුවන් හමුදාවේ අභිමානය හා ගුවන් බලය ප්‍රදර්ශනය කරමින් ගුවන්යානා  සංදර්ශනයක්, ගුවන් හමුදා පැරෂුට් භටයන්ගේ සංදර්ශනයක් හා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ දස්කම් ඇතුලත් සංදර්ශනයක්ද පැවැත්විනි.

ශ්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රි ලංකා ගුවන් හමුදා ඒකල කඳවුර හා අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ දායකත්වයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර මෙම ප්‍රදර්ශණය  සාර්ථකව සංවිධානය  කරන ලදි.

Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009Galle Season 2009
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි