ලෝක කුසලාන කැරම් තරඟාවළිය නියෝජනය කල ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනෙක්
2018 ලෝක කුසලාන කැරම් තරඟාවළිය දකුණු කොරියාවේදී පවත්වන ලද අතර ඒ සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම තරඟාවළියේ පිරිමි ශූරතාවය හා කාන්තා අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට පෙරේරා බීයූසී, නායක ගුවන් කාන්තා රාහුබද්ද ආර්කේවයි සහ නායක ගුවන් කාන්තා ලියනගේ සීඑල් මෙවර ලෝක  කුසලානය සඳහා සහභාගී වූ ජාතික කණ්ඩායම නියෝජනය කරන ලදී. මෙහිදී නායක ගුවන් කාන්තා රාහුබද්ද ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරමින් කණ්ඩායම අනුශූරතාවය දක්වා මෙහෙයවීම විශේෂත්වයක් විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ගේ ලෝක කැරම් ශ්‍රේණිගත කිරීම් පහත දැක්වේ :

පිරිමි ශ්‍රේණිගත කිරීම්

නායක ගුවන් භට පෙරේරා බීයූසී - 06 වන ස්ථානය

කාන්තා ශ්‍රේණිගත කිරීම්

ගුවන් කාන්තා රාහුබද්ද ආර්කේවයි  - 05 වන ස්ථානය
නායක ගුවන් කාන්තා ලියනගේ සීඑල්  - 07 වන ස්ථානය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි