ලොව දිගම තිරසාර සංවර්ධන ඉලක්කයන් ඉදිරිපත් කරමින් සිදු කරන ලද බැනර් නිර්මාණයට ගුවන් හමුදාව දායක වෙයි
ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් තිරසාර සංවර්ධන ඉලක්කයන්  පිහිටුවීමේ තුන්වන සංවත්සරය සැමරීම සඳහා ලොව දීර්ඝතම ධජය නිර්මාණය කිරීම සඳහා දායකත්වය සපයයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් හමුදා විද්‍යාපීඨය, කඳවුරු සහ ඒකකයන්ගේ සහභාගීත්වයෙන් කුඩා බැනර් නිර්මාණය කරමින් මේ  සඳහා සිය සහභාගීත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන 2018 සැප්තැම්බර් මස 23 වන දින කොලඹ ගෝල් ෆේස් ක‍්‍රීඩාංගනයේදී ත‍්‍රිවිධ හමුදාව, පෙලිසිය, විවිධ පාසල්,  ආයතන, සංවිධාන, තරුණ සමාජ ඇතුළු විවිධ අංශයන්හි සහභාගීත්වයෙන් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි