ඩයලොග් - විජය හොකී ශූරතාවය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායම පසුගිය (09) වන දින මාතලේ නන්ද්‍රිමිත්ත ඒකනායක අන්තර් ජාතික හොකී ක්‍රීඩා පිටියේ පැවති එක් පිලකට 9 දෙනෙකු බැගින් සහභාගී වු හොකී තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

කණ්ඩායම් 22ක් අතරින් අවසන් පුර්ව තරග වලදී ගුවන් හමුදාව සහ නාව්ක හමුදා කණ්ඩායම් පිළිවෙලින් යුධ හමුදාව සහ නාවික හමුදා කණ්ඩායම් පරාජයට පත් කරමින් අවසන් තරග සඳහා සුදුසු කම් ලැබීය.  

අවසන් තරගයේදී නාවික හමුදාව එක් ගෝලයක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වුවත් ගුවන් හමුදාවේ ප්‍රභල ආක්‍රමණය හමුවේ ගුවන් හමුදා කණ්ඩායමට ගෝල 2-1ක් ලෙසින් ජය අත්විය. ගුවන් හමුදා කණ්ඩායම වාර්තා කල ගෝල ද්විත්වයම නායක ගුවන් භට මුලාෆීර් විසින් ලබා ගැනීම සුවිශේෂ වේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය රොහාන් දිසානායක මහතා අවසන් තරගයේ ප්‍රධාන ආරාධ්ත අමුත්තා ලෙස සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි