කටුනායක,කොළඹ කඳවුරු අන්තර් ඒකක පැසිපන්දු කිරුළු පලඳියි
කටුනායක කඳවුරු තාක්ෂණික අංශය පිරිමි අංශයේ ශුරතාවයත්, කොළඹ කඳවුර කාන්තා අංශයේ ශූරතාවයත් ලබා ගනිමින් දින හතක් පුරා ඒකල කඳවුරේ පැවති අන්තර් ඒකක පැසිපන්දු තරගාවලිය නිමාවට පත් විය.  

පිරිමි අංශයේ තරගයේ දී කටුනායක කඳවුරු තාක්ෂණික අංශය කොළඹ කඳවුරු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 69-59ක් ලෙස ජය ගැනීමට සමත්විය. කොළඹ කඳවුර කාන්තා අංශයේ ශූරතාවයට හිමි කම් කීවේ ලකුණු 25-21 ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කඳවුරු කණ්ඩායම පරාජයට පත් කරමිනි.

අවසන් තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රොහිත රණසිංහ සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි