ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම නොකඩවා තුන්වෙනි වරටත් ජාතික මල්ලවපොර ශූරතාවය දිනාගනියි
ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම නොකඩවා තුන්වෙනි වතාවටත් ජාතික මල්ලවපොර ශූරතාවය දිනාගැනීමට සමත්කම් දැක්වූ අතර ගුවන් හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම එහි පිරිමි අංහයේ අනුශුරතාවය දිනාගන්නා ලදී. තරඟාවළිය 2018 දෙසැම්බර් මස 01 වෙනි දින සිට 04 වෙනිදා දක්වා මීගමුව කඩොල්කැලේ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණි.

මෙහිදී කාන්තා කණ්ඩායම රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනාගත් අතර නායක ගුවන් කාන්තා කරුනාසේන එච්ඒඑන් හොඳම තාක්‍ෂණික මල්ලවපොර ක‍්‍රිඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී. පිරිමි කණ්ඩායම රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි