වීරවිල ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව කඳවුරු මුලස්ථාන ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2019 ජනවාරි මස 12 වන දින විවෘත කරණ ලදී. මෙම ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඉදිකරණ ලදී.
මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය විසින් ඉතා කෙටි කාලයකදී සිදු කරණ ලදී.
ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම.ආර්.කේ. සමරසිංහ, වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඪිආර්ඒබී වරකාංග, සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ නිලධාරීන් සහ සෙසු නිළයන්, වීරවිල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.