ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාවන් හා පැරෂුට් පුහුණු පාඨමාලාවන් විසිරයාමේ පෙළපාලියක් කටුනායකදී
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අංක 05 වන විශේෂ ගුවන් මෙහෙයුම්  පාඨමාලාව, අංක 1 වන විශේෂ ගුවන් මෙහෙයුම් කාන්තා පාඨමාලාව, අංක 36, 37, 38, 39 සහ 40 වන මුලික පැරෂුට් පුහුණු පාඨමාලාවන්, අංක 7 වන පැරෂුට් එතිෙම්  පාඨමාලාව,  අංක 8 සහ 9 වන නිදහස් ආර පැරෂුට් පුහුණු  පාඨමාලාව මෙන්ම අංක 2 වන පැරෂුට් පුහුණු උපදේශක පාඨමාලාව යන පාඨමාලාවන් සාර්ථකව හැදෑරු ති‍්‍රවිධ හමුදා නිළධාරින්, විශේෂ කාර්්‍ය බලකා නිළධාරින් මෙන්ම සෙසු නිලයන් වෙත නිල ලාංජන පැළඳවිෙම් සහ විසිරයාෙම් පෙළපාලිය, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද දින සන්ධ්‍යාවේදි  2019 ජනවාරි මස 22 වන දින කටුනායක ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේදි අභිමානවත් අයුරින් පැවැත්වින.

මෙම විසිරයාෙම් පෙළපාලියේ දි ගුවන් හමුදා ඉතිහාසයට නව පිටුවක් පෙරලමින් ප‍්‍රථම වරට විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිළධාරිනියන් හා ගුවන් කාන්තාවන් පිරිසක් ද විසිර ගියහ.

මෙම අභිමානවත් විසිරයාෙම් පෙළපාලියේදි ඉහත සදහන් පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන්කල ගුවන් හමුදා නිළධාරින්, නිලධාරිනියන්, ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 228 දෙනෙක,ු යුධ හමුදාවේ නිළධාරින් හා සෙබලූන් 19 දෙනෙකු, නාවික හමුදා නිළධාරින් හා නැවියන් 19 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් හා සෙබලූන් 20 ක් ඇතුළු ති‍්‍රවිධ හමුදා හා විශේෂ කාර්ය බලකා රණවිරුවන් 286 දෙනෙකු හට නිළ ලාංඡුන පැලදවිම ගුවන් හමුදාපතිතුමන් විසින් සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි, ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය ,කටුනායක ගුවන් හමුදා මුලික කදවුරේහි අණදෙන නිළධාරි තුමන්, ති‍්‍රවිධ හමුදා, පොලිස් නිළධාරින්, සෙසු නිළයන් ඇතුළු මෙම පාඨමාලාවෙන් විසිරයන රණවිරුවන්ගේ පවුල්වල සාමාඡුික සාමාඡුිකාවන් විශාල පිරිසක්ද සහභාගිවිය.

පාඨමාලාෙවි කුසලානයන් සහ ත්‍යාගයන්

 අංක 05 වන විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාවේ සැම අතින්ම දක්ෂතම ගුවන් භටයාට හිමි එයාර් මාර්ෂල් කපිල ජයමිපති කුසලානය කෝප‍්‍රල් බදුල්ලවත්ත යුවිආර් විසින් හිමිකර ගන්නා ලදි.  

අංක 01 වන කාන්තා විශේෂ ගුවන් මෙහෙයුම්  පාඨමාලාවේ සැම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාවට හිමි විංග් කමාන්ඩර් ජේඊ පීරිස් අනුස්මරණ කුසලානය ෆ්ලයිට්  ලෙෆ්නන් ඩිසිඑල් අතලේ විසින් හිමිකර ගන්නා ලදි.

අංක 36 වන මුලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ සැම අතින්ම දක්ෂතම ගුවන් භටයාට හිමි කුසලානය කෝප‍්‍රල් චතුරංග කේකේජි විසින් හිමිකර ගන්නා ලදි.  

අංක 37 වන මුලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ  සැම අතින්ම දක්ෂතම සමාජිකයාට හිමි කුසලානය ෆ්ලයින් ඔෆිසර් ජිජිඒ ගොඩගමිපොල විසින් හිමිකර ගන්නා ලදි.  

අංක 38 වන මුලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ සැම අතින්ම දක්ෂතම ගුවන් භටයාට හිමි කුසලානය නායක ගුවන්භට සෙනවිරත්න එමිජිපිඑල් විසින් හිමිකර ගන්නා ලදි.  

 අංක 39 වන මුලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ  සැම අතින්ම දක්ෂතම සමාජිකයාට හිමි කුසලානය ෆ්ලයින් ඔෆිසර් ඩිඑමිසිඒකේ බණ්ඩාරනායක විසින් හිමිකර ගන්නා ලදි.  

 අංක 40 වන මුලික පැරෂුටි පුහුණු පාඨමාලාෙවි සැම අතින්ම දක්ෂතම ගුවන් භටයාට හිමි කුසලානය නායක ගුවන්භට සෙනවිරත්න ඩිඩි විසින් හිමිකර ගන්නා ලදි.  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි