ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති ප‍්‍රවර්ධන අමාත්‍යාංශය ප‍්‍රථම වරට කෘතිම වැසි ඇතිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ.
4:47pm on Tuesday 5th February 2019
වියලි කාලගුණික තත්වයන් වලදි ජල විදුලි බල ජනනය සීමාසහිත වීමේ ගැටලූවට පිළියමක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර ප‍්‍රවර්ධන අමාත්‍යාංශය ඉතිහාසයේ ප‍්‍රථම වරට කෘතිම වැසිඇතිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදි  2019 ජනවාරි මස 23 වන දින ගිවිසුම් ගතවිය. මේ සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා සහ විදුලිබල බලශක්ති හා ව්‍යාපාර ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බිඑමිඑස් බටගොඩ මහතා සමග එම ගිවිසුම සඳහා අත්සන් තැබීය.

මෙවැනි ව්‍යාපෘති සඳහා ලෝකයේ අනිකුත් රටවල් ගුවන් යානාවක හෝ රොකටිටුවක සහාය ලබා ගන්නා අතර වැස්ස කෘතිමව ඇති කිරිම පියවරයන් කීපයක් මගින් සිදු කරනු ලැබේ.මෙහි ප‍්‍රථම පියවර ලෙස සුදුසු ප‍්‍රතිකි‍්‍රයක මගින් වලාකුළු ඇතිකර ඉන්පසු ඒවා වර්ධනය කරනු ලැබේ. එසේ වර්ධනය වු වලාකුළු අවශ්‍ය ප‍්‍රදේශය වෙත තල්ලූ කිරිම තෙවන පියවර ලෙස සලකනු ලැබේ. ඉන් පසු අවශ්‍ය ස්ථානය මත වර්ෂාව ඇති කිරිම අවසාන වශයෙන් සිදුවේ. ජල පෝෂක ප‍්‍රදේශවලට පතිතවන වර්ෂාපතනය ප‍්‍රමානවත් නොවිම හේතුවෙන් තාප විදුලි ජනනයට යොමුවීම මගින් විශාල වශයෙන් ජාතික ධනය වැයවිමත් එමගින් පරිසරයට ඇතිකරන බලපෑමත් අතිමහත්ය.

එබැවින් මෙවැනි නවීන ක‍්‍රම මගින් වර්ෂාව ඇතිකර එමගින් ජල විදුලිය නිපදවිමෙන් ජාතික ධනය ඉතිරිකර ගත හැකි අතරම පරිසරික බලපෑම් ද අවම කරගත හැකිවේ.

මේ අවස්ථාව සඳහා විදුලි බල බලශක්තිහා ව්‍යාපාර ප‍්‍රවර්ධන අමාත්‍ය ගරු රවි කරුණානායක සහ විදුලිබල පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ගරු ඒඩි ප්‍රේමදාස යන අමාත්‍යවරුන්ද සහභාගි විය.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි