අන්තර් ඒකක වෙරළ වොලිබෝල් තරඟාවළිය 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද 2019 අන්තර් ඒකක වෙරළ වොලිබෝල් තරඟාවළිය පසුගිය 2019 පෙබරවාරි මස 22 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථක අයුරින් නිමාවට පත්විය. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එන් තිලකසිංහ. ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි