36 වන ජාතික ක්‍රීඩා උත්සවයේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ගුවන් හමුදාවෙන්
36 වන ජාතික ක්‍රීඩා උත්සවය පසුගියදා සාර්තක ලෙස නිමාවට පත්වූයේ ගුවන් හමුදාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින්ය. මෙහිදී කෝප්‍රල් චන්ද්‍රිකා රස්නායක කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, කෝප්‍රල් මංජුල කුමාර පිරිමි අංශයේ දක්තම ක්‍රීඩකයා ලෙසත් පිදුම් ලැබීය.

2006 වසරේ සුගතදාස ක්‍රීඩංගනයේදී උස පැනීමේ ඉසව්වෙන් ඒ.එන්.ඩී.බී. රත්නසිරි විසින් හිමිකම් කියූ මීටර 2.13 ශ්‍රී ලංකා වාර්ථාව අභිබවා යමින් මීටර් 2.18 නව වාර්ථාවක් පිහිටුවමින් දස්කම් දැක්වූ ගුවන් හමුදා මළල ක්‍රීඩක කෝප්‍රල් මංජුල කුමාර දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිරුළු පලදින ලදී.

මීටර් 200, මීටර් 400, මීටර් 4x100,මීටර් 4x400 යන ඉසව් හතරේම රන් පදක්කම දිනා ගනිමින් කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා මළල ක්‍රීඩිකා  කෝප්‍රල් චන්ද්‍රිකා රස්නායක මෙහිදී පිදුම්  ලැබීය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි