මඩකලපුව පුතූර් විග්නේෂ්වරන් විද්‍යාලය අළුත්වැඩියා කෙරේ
ගුවන් හමුදා 68 වෙනි සංවත්සරයට සමගාමීව මඩකලපුව ගුවන් හමුදා කඳවුර විසින් මඩකලපුව පුතූර් විග්නේෂ්වරන් විද්‍යාලය අළුත්වැඩියා කිරීමේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කරන ලදී. 2019 පෙබරවාරි මස 24 වෙනිදින අළුත් වැඩියාවෙන් අනතුරුව විද්‍යාලය භාරදීම සිදු කරන ලදී.

විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමව්පියන් විසින් ගුවන් හමුදාවට සිය කෘතඥතාවය පළකරනු පිණිස 2019 පෙබරවාරි මස 26 වෙනිදින උත්සවයක් සංවිධානය කරන ලදී. කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සංජය විතාන, නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම උපහාර උත්සවයට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි