
වාර්ෂික මාර්ග ධාවන තරගය - 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය 2019 මාර්තු මස 23 වන දින උදෑසන කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් කී‍්‍රඩාංගනයේදි නිමාවට පත්විය.
සියලුම කඳවුරු නියෝජනය වන පරිදි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 300කට අධික පිරිාසක් සහභාගීවූ මෙවර ධාවන තරඟාවලියෙහි සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවයන් කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
තරග විස්තර
සමස්ථ ශූරතාවය පිරිමි - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ
සමස්ථ ශූරතාවය කාන්තා - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ
තරඟාවළියේ මාර්ග ධාවන ශූරයා - නායක ගුවන් භට විජේසිංහ ඊජීජීසී (කොළඹ ගුවන් හමුදා කඳවුර)
තරඟාවළියේ මාර්ග ධාවන ශූරිය - නායක ගුවන් කාන්තා ඒකනායක බීජීඩීකේ (ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක)





















