බංගලාදේශ ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකාවට පැමිනේ
සුහද ජල පන්දු තරගාවලියකට සහභාගී වීම සදහා 16 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායමක් 2019 ජූලි මස 01 වන දින බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිනි අතර ඔවුන් 2019 ජූලි මස 07 වන දින දක්වා ශ‍්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය. එම කාලය අතරතුදී මෙම කණ්ඩායම ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායම සමග සුහද ජල පන්දු තරග තුනක් සදහා සහභාගී විමට නියමිතය.

බලඝන නායක මොහොමඩ් හබිබුර් රහ්මාන් ඇතුලු 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ගුවන් හමුදා ජල පන්දු කමිටුවේ නිලධාරින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජල පන්දු තරගාවලියක් සඳහා බංග්ලාදේශ ගුවන් හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරය බංගලාදේශ ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ඇති අන්යෝන්‍ය සම්බන්ධතාවයේ සාක්ෂියකි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි