මොරවැව ගුවන් හමුදා කදවුර සිය 46 වෙනි සංවත්සරය සමරයි
මොරවැව ගුවන් හමුදා කදවුර පසුගිය ජූලි මස 29  වන දින සිය 46 වන  හා රෙජිමේන්තු විශේෂ බලකාය සිය 16 වන සංවත්සරයන් සමරනු ලැබීය. සංවත්සරය සමරමින් කුඩා දරු දැරියන් උදෙසා ආහාර, පාසැල් උපකරණ හා ඇදුමි පරිත්‍යාගයක්ද සිදුකරන ලදී. ඉන් අනතුරුව පූජ්‍ය රළපනාවේ දම්මකිත්ති හිමියන් විසින් ධර්මදේශනයක්  ද  පවත්වන ලදී.

සංවත්සරයනට සමගාමීව කදවුරු පරිශ‍්‍රයේදී රාත‍්‍රී පිරිත් පිංකමක් සංවිධානය කරනු ලැබූ අතර කදවුරු වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර්  එච් එම් ටී නන්දක කුමාර මහතා ඇතුළූ නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්  මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි