ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයට වසර 50
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 2019 අන්තර් ඒකක මල්ලවපොර තරඟාවලිය හා ගුවන් හමුදා මල්ලව පොර සංචිතයේ 50 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 19 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදී  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

තවද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ මූලික කඳවුර සහ ඒකළ වෘත්තීය පුහුණු පාසල  කඳවුර  පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්  දිනාගන්නා ලදී.

මෙදින විශේෂත්වය වූයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මල්ලව පොර සංචිතය පිහිටුවා එදිනට වසර 50 ක් සපිරීමයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මල්ලව පොර සංචිතය 1969 වසරේ රාජකීය ගුවන් හමුදා මල්ලව පොර සංචිතය නමින් ක‍්‍රීඩකයින් හත් දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී.එහිදී 1969 වසරේ පැවති ජාතික මල්ලව පොර තරඟාවලිය සඳහා රාජකීය ගුවන් හමුදා නාමය යටතේ තරඟ වැදුනු නායක ගුවන් භට පියදාස ජේ ඒ එහි ශූරතාවය දිනාගනිමින් ගුවන් හමුදා මල්ලව පොර ඉතිහාසයට නෙමැකෙන මතක සටහනක් එක් කරන ලදී. ඉන් අනතුරුව ගෙවුනු දශක 05 පුරාවට ගුවන් හමුදා මල්ලවපොර ක‍්‍රීඩකයන් තිදෙනෙකු විසින් "වර්ධරාසා" කුසලානට හිමිකම් කියූ අතර තවද වාර තුනකදී වසරේ හොදම ක‍්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගැනීමට ද  මල්ලවපොර ක‍්‍රීඩකයන් සමත්කම් දක්වන ලදී. 2011 වසරරේ කාන්තා මල්ලවපොර කණ්ඩායම පිහිටුවීම ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයකි.2018 වසරේ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක‍්‍රීඩිකාවන් විසින් ආරක්ෂක සේවා ශූරතාවය හා ජාතික ශූරතාවය තෙවරක් දිනාගැනීමට සමත්කම් දැක්වීම මගින්  ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ඉතිහාසයේ තවත් එක් කඩඉමක් සනිටුහන් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී  එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන, ගුවන් හමුදා අධ්‍යක්ෂ  මණ්ඩලයේ සාමාජිකයන් ,ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී  වීරසිංහ ඇතුළූ නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී දක්‍ෂතම තාක්‍ෂණික මල්ලවපොර කී‍්‍රඩකයා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර නියෝජනය කළ කෝප්‍රල් කුමාර එම්ජේඑස් සම්මාන දිනාගත් අතර දක්‍ෂතම තාක්‍ෂණික මල්ලවපොර කී‍්‍රඩිකාව ලෙස ඒකළ වෘත්තීය පුහුණු පාසල කඳවුර නියෝජනය කළ ගුවන් කාන්තා සිල්වා එම්එච්එන් සමත්කම් දක්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි