ගුවන් හමුදා සේවා වනිතා ඒකකය කෘතිම පාදයක් පරිත්‍යාග කරයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය විසින් මුදල් අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කරන ඒඩීඑච් විමලසූරිය මහතාගේ සිවිල් සේවක පාදයක් අහිමි බිරිද හට කෘතීම පාදයක් ප‍්‍රධානය කිරිම කොළඹ ගුවන් හමුදා මුලස්ථානයේ සේවා වනිතා ඒකකයේදි පසුගිය ඔක්තොම්බර් මස 11 වන දින සිදු කෙරින.

කෘතිම පාදය සදහා මුදලින් රුපියල් 225000 වැය වු අතර එම මුදලින් අඩක් ගුවන් හමුදා සුභසාධක අරමුදලින් ලබා දුන් අතර ඉතිරි මුදල බීඑම්ඩබ්ලියු කන්නංගර මහත්මිය විසින් දරනු ලැබීය.කැලුම් ගණවර්ධන හා සුරේෂ් ප‍්‍රනාන්දු යන මහත්වරුන් සහ තවත් කිහිප දෙනෙකු ඒ සදහා දායකත්වය සපයන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි