අංක 18 උසස් අවිකරු පුහුණු පාඨමාලාව විසිර යයි
අංක 18 උසස් අවිකරු පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල අවිකරුවන් 124 දෙනෙකු පසුගියදා(16) ගුවන් හමුදා පලාලි කදවුරේදී විසිර ගියහ.

වැඩබලන කහවුරු අණදෙන නිලධාරී බළගණ නායක රුක්මන් දසනායක මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර පාඨමාලාවේ විශේෂ දස්කම් දැක්වූ අවිකරුවන් සදහා සහතික හා කුසලාන පිරිනමන ලදී.

තවද, සැම අතින්ම දක්ෂතම අවිකරුවා, සරඹ අතින් දක්ෂතම අවිකරුවා, ශාරීරික යෝග්‍යතාවය අතින් දක්ෂතම අවිකරුවා යන සම්මානයන් 03 පිදුම් ලැබීමට කෝප්‍රල් ෆ්‍රැන්ක් කේ.ඒ.ඒ.ඩී.ඩී සමත් විය.

අංක 18 උසස් අවිකරු පුහුණු පාඨමාලාවේ විශේෂ දක්ෂතා දැක්වූ අවිකරුවන් මෙසේය
                 
සැම අතින්ම දක්ෂතම අවිකරුවා
24707 කෝප්‍රල් ෆ්‍රන්ක් කේ.ඒ.ඒ.ඩී.ඩී

සරඹ අතින් දක්ෂතම අවිකරුවා
24707 කෝප්‍රල් ෆ්‍රන්ක් කේ.ඒ.ඒ.ඩී.ඩී

දක්ෂතම වෙඩික්කරු
26817 කෝප්‍රල් තිලකරත්න ඩබ්.ඩබ්.එම්

දක්ෂතම සිසුවා
26017  කෝප්‍රල් දිසානායක ඩී.එම්.යූ.එස්

ශාරීරික යෝග්‍යතාවය අතින් දක්ෂතම අවිකරුවා
24707  කෝප්‍රල්  ෆ්‍රන්ක් කේ.ඒ.ඒ.ඩී.ඩී






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි