ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක්  මියගිය කෝප‍්‍රල් කුමාරතුංගගේ පවුලේ සාමාජිකයින් හට ප‍්‍රදානය කිරීම පසුගිය 2020 පෙබරවාරි මස 27 වන දින ගුවන්හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් දිවුලපිටිය ප‍්‍රදේශයේ දී සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් මුදිත මහවත්තගේ, නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි