
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2020 පළමු අදියරය
ශ්‍රී ලංකා ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව 21 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර 2020 මාර්තු මස 05 වන දින මහනුවර ආසිරි රෝහල ඉදිරිපිටදී් කිමි 126 ක දුරක් ගෙවා අවසාන කරන ලදී.මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංජු දිමන්ත හිමි කර ගත් අතර පිළිවලින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා කණ්ඩායමෙන් තරග කළ චතුර මධුෂාන් හා යුද හමුදාවේ පැතුම් සම්පත් දෙවන හා තෙවන ස්ථානයට පත්විය.
පාකිස්තාන ගුවන් හමුදාවේ පාපැදි කණ්ඩායමක් ඇතුළු පාපැදි කරුවන් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගයේ එහි දෙවන අදියර සඳහා හෙට උදෑසන මහනුවර සිට ආරම්භ වන අතර එය ත්‍රිකුණාමලයේ දී අවසන් වේ.
පාකිස්තාන ගුවන් හමුදාවේ පාපැදි කණ්ඩායමක් ඇතුළු පාපැදි කරුවන් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගයේ එහි දෙවන අදියර සඳහා හෙට උදෑසන මහනුවර සිට ආරම්භ වන අතර එය ත්‍රිකුණාමලයේ දී අවසන් වේ.

























