ඒකල කඳවුර, වාර්ෂික සුහද හමුව සහ ළමා සාදය සමරයි
වාර්ෂිකව ඒකල ගුවන් හමුදා කඳවුරේ පවත්වනු ලබන සුහද හමුව සහ ළමා සාදය පසුගිය දින උත්සවාකාරයෙන් සිදුකරන ලදී. ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ගුවන් හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල සාමාජිකයින්, එම පවුල් වල දරුවන්ද ඇතුළුව මෙම සුහද හමුව වෙනුවෙන් සහභාගීවිය.
ප්‍රවීන සංගීතවේදීන් දෙපලක් වන එඩ්වඩ් ජයකොඩි මහතා සහ එම මැතිණිය වන චරිතා ප්‍රියදර්ශනී පීරිස් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් විය. ප්‍රසිද්ධ කලාශිල්පීන් වන ජගත් වික්‍රමසිංහ මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය, දයාන් විතාරන මහතා ලෝචනා යන මහත්ම මහත්මීන් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ජනක අමරසිංහ චිරාගත සම්ප්‍රධායට අනුව පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය.
ඒකාකාරී ජීවන රටාවෙන් මිදි සුහදතාවය සහ විනෝදාස්වාදයට මුලිකත්වය දෙමින් සංවිධානයවු මෙම උත්සවය සඳහා පැමිණි සියල්ලන් ඉතා උනන්දුවෙන් සහභාගී විය. ගුවන් හමුදා තුර්යවාදක කණ්ඩායමේ සංගීතයෙන් සහ ගුවන් හමුදා නර්තන ඒකකයේ නර්තනයන්ගෙන් උත්සව භූමිය වර්ණවත් විය.