කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා ගුවන් හමුදාව විසින් හෝමාගම රෝහලේ වාටිටු සුදුසු පරිදි වෙනස් කරයි
හෝමාගම මහ රෝහලෙන් කරනලද ඉල්ලීමකට අනුව කොවිඩ් 19 බවට සැක කෙරෙන රෝගින්ට ප‍්‍රතිකාර කිරිම සදහා රෝහලේ අංක 01 වාට්ටුව ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් සුදුසු පරිදි වෙනස් කිරිම සිදුකරන ලදී.
 
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ අධීක්ෂණය යටතේ එක් නිලධාරියෙක් සහ සෙසු නිලයන් 10 දෙනෙකු විසින් දින 3ක් වැනි කෙටි කාලයක් තුල වැඩ අවසන් කරන ලදී.
 
මෙම ව්‍යාපෘතිය සදහා හෝමාගම ප‍්‍රදේශයේ පරිත්‍යාගශීලින් විසින් අරමුදල් සපයනු ලැබු අතර ගුවන් හමුදාව විසින් අවශ්‍ය ඉංජිනේරු විශේෂඥ දැනුම සහ පිරිස් බලය යෙදවිම තුලින් ඉතා කෙටි කාලයක් තුල වැඩ නිම කිරිමට හැකියාව ලැබිණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි