සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2020 අගෝස්තු මස 27 වන දින සිදු කරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩී කළුබෝවිල විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර උත්තමාචාර පෙළපාළියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත ආචාර පුද කරන ලදී.
කඳවුරු පරීක්‍ෂණය කඳුවරු මූලස්ථානයෙන් ආරම්භ කෙරුණු අතර අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරන ලදී.
කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.