මඩකලපුව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2020 සැප්තැම්බර් මස 03 වන දින සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජීපීඑන්සී පියසේන විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලද අතර සම්මාන පෙළපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කරන ලදී.
සැරයන් ජයසිංහ කේසීඑන්, සැරයන් මෛතී‍්‍රපාල ජේඒ සහ සිවිල් සේවක එස් අරුල් මහතා හට ඔවුන් දක්වන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.
ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු මූලස්ථානයෙන් කඳවුරු පරීක්‍ෂණය ආරම්භ කරන ලද අතර අනතුරුව අළුතින් ඉදිකරන ලද කඳවුරු රෝහල විවෘත කිරීමද මෙහිදී සිදුකෙරිණි. අනතුරුව කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලද අතර පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධීය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.