ගුවන් හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි
අභිනව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සන්නද්ධ හමුදා සේනාධිනායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද 2020 නොවැම්බර් 04 ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.
මෙම හමුව අභිනව ගුවන් හමුදාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව ජනාධිපතිතුමන් විසින් අභිනව ගුවන් හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.
තවද මෙම නිල හමුව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.