බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමන් විසින් ගුවන් හමුදාවට ඩ්‍රෝන යානා දෙකක් පරිතයාග කෙරේ
බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට නව ඩ්‍රෝන යානා ද්විත්වයක් පරිත්‍යාග කිරීම 2021 පෙබරවාරි මස 18 වන දි කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රිඩාංගනයේදී සිදු කෙරිණි. එම ඩෝන යානාවන් ගුවන් හමුදාව වෙත භාරගැනීම ගුවන් හමුදාධිපති එායර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට බස්නාහිර පලාත් නියෝජ්‍ය ලේකම් ජයන්ති විජේතුංග,ආන්ඩුකාර ලේකම් පී සෝමසිරි,රීටයල් අයිටී පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්‍ෂක චන්දු සුමමතිපාල,ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, ගුවන් හමුදා අද්‍යක්‍සක මණ්ඩලය,කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමන්, බස්නාහිර පලාත් සභාවේ නියෝජිතයින්, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ