එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේන් හානියට පත් වෙරළතීරය පිරිදුකිරිමේ වැඩසටහනක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයින්ගේ දායකත්වයෙන්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කළ ඉල්ලීමකට අනුව සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු නියෝග මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේන් වෙරළතීරයට ගොඩගසා ඇති අපද‍්‍රව්‍ය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 මැයි 27 දින සිට දුංගල්පිටිය සිට පිටිපාන දක්වා වෙරළ තීරය  ආරම්භ කරන ලදි.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ගුවන් හමුදා කඳවුරේ 300 කට අධික ගුවන් පිරිසක් සහභාගි වු අතර මෙහිදි මිනිසුන්ට හා ස්වාභාවික පරිසරයට හානිකර වන සියලුම අපද‍්‍රව්‍ය පිරිසිදු කිරීමට සැලසුම් කර ඇත.

තවද මෙම වැඩසටහන සාර්ථකව කරගෙන යෑම සදහා පොලිස් නිලධාරීන් සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරියේ සහයෝගය ලබාදෙන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි