
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ගුවන් හමුදාවට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
මෑතකදී සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් -19 රෝගීන්ගේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් ද සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ ක්‍රියාකාරීව සහභාගී වෙමින් සිටිති.
කොවිඩ් -19 වෛරසයට එරෙහිව ගුවන් හමුදාව ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (2021 ජූනි 09) ගුවන් හමුදාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් මහාචාර්ය ඖෂධ නිෂ්පාදන, සැපයුම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සුරතින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත ගුවන් හමුදා මූලස්ථානයේදී පිරිනමන ලදී.
මෙම අවස්ථාව සදහා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.











