අංක 45 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සදහා ලාංඡන පිරිනැමේ
අංක 45 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ ලාංඡන පිරිනැමීමේ උත්සවය 2021 ජුනි 25 දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත් වු අතර අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ජීජීඩබ්ලිව්ටීකේ ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම අවස්ථාව නැරඹීම සඳහා පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ආර්එම්එස්එන් රිටිගල, සියලුම නිලධාරීන් සහ උපදේශකයින් ද පැමිණ සිටියහ.
මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කිරීම නිමිත්තෙන් ගුවන් හමුදා නිලධාරින් 02 ක්, ගුවන් භටයින් 27 ක්, යුද හමුදා සෙබළුන් 03 ක්, නාවික හමුදා සෙබළුන් 04 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 02 ක් ඇතුළුව පැරෂුට් භටයින් 39 දෙනෙකු සිය ලාංඡන ලබා ගන්නා ලදි.
අංක 45 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාවේ හොඳම පැරෂුට් භටයා ලෙස නායක ගුවන් භට ඩිල්ෂාන් ඩීඑම්සී සම්මාන ලැබීය.