අංක 01 නිරායුධ සටන් උපදේශකවරුන්ගේ පාඨමාලාවේ සහතික ප්‍රධානෝත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාවේදි
අංක 01 නිරායුධ සටන් උපදේශකවරුන්ගේ පාඨමාලාව සදහා සහතිකපත් ප්‍රධානෝත්සවය 2021 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාවේදි පැවැත්විය. මෙම අවස්ථාව සදහා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පීඑස්එන් ප්‍රනාන්දු, නිලධාරි අණදෙන පුහුණු විංග් කමාන්ඩර් ආර්එන්ඩි සේනාධිරය ඇතුලු නිලධාරින් පිරිසක්ද, උපදේශකයින් සහ පුහුණුවනන්ද සහභාගිවිය.

සාර්ථකව පාඨමාලාව හැදෑරු ශාරිරික අභ්‍යාස උපදේශකවරුන් ඇතුළු ගුවන් භටයන් දොළොස් දෙනෙක් (12) සහ ගුවන් කාන්තා උපදේශකවරුන් තිදෙනෙක් (03) උත්සවය අතරතුරදී සහතික ලබා ගත්හ.කෝප්‍රල් මදනාසිංහ විසින් හොඳම නිරායුධ සටන් උපදේශක ලෙස සම්මාන ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි