ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඞීකාවක් 58 වන ජාත්‍යන්තර ආරක්ෂක සේවා බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගනියි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඞීකා නායක ගුවන් කාන්තා ගයානි කළුආරච්ච් කාන්තා කි.ග‍්‍රෑ. 75 බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ශ‍්‍රී ලාංකීය ක‍්‍රිඞීකාවක් මෙවැනි බොක්සිං ඉසවිවක පැමිණි පළමු අවස්ථාව මෙය වන බැවින් මෙම ජයග‍්‍රහනය ඓතිහාසික සංධිස්ථානයක් සනිටුවන් කිරීමට සමත් විය. ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගාවලියක් තුළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා අපගේ මාතෘ භූමියට ගෞරවය හා කීර්තිය අත්කර දුන් මෙම ක‍්‍රීඞීකාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ මහතා සිය හෘදයාංගම සුභ පැතුමි එක් කරන ලදි.

නායක ගුවන් කාන්තා ගයානි කළුආරච්ච් 2018 ආරක්ෂක සේවා ක‍්‍රීඩා තරගාවලිය, 2019 ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය සහ 2019 ක්ලිෆර්ඞී කුසලාන බොක්සිං තරගාවලිය වැනි තරගාවලි වලදීද ජයග‍්‍රහන අත් කරගෙන ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි