ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් අද දින (2021 ඔක්තොම්බර් 07) කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී සුදුසුකම්ලත් සේවා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත රෝද පුටු තුනක් (03) ප්‍රදානය කරන ලදී.

බලපන්ති සැරයන් කුමාර කේඑස් බලපංති සැරයන් සමරසේකර එස්ඕඒඑල් සහ සැරයන් සමන්ත කේජී යන අයගේ මව්වරුන්ට මෙම ආධාරය පිරිනැමිණි. මෙම අවස්ථාවට ගුවන් ලේකම් එයාර් කොමඩෝර් කිත්සිරි ලීලාරත්න, සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. කොවිඩ්-19 වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම උත්සවය පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි