ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස පරිත්‍යාගයක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරන ලද නිවසක් සැරයන් පෙරේරා (විශ්‍රාමික) වෙත භාර දෙන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (2021 ඔක්තෝබර් 15) දින හිරිවඩුන්න නාරම්බැද්දේ දී නිවස ප‍්‍රධානය කිරීමේ උත්සවය පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් අරමුදල් සපයන ලද අතර මීරිගම ගුවන් හමුදා කඳවුර විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලයේ සහ මීරිගම ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් දුමින්ද වික්‍රමාරච්චිගේ අධීක්ෂණය යටතේ නිම කරන ලදී.
මෙම උත්සවය සඳහා මීරිගම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් ද සහභාගී විය. කොවිඩ්-19 පැතිරීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නිවස ප‍්‍රධානය කිරීමේ උත්සවය පැවැත්විණි.