මහා සංඝරත්නය උදෙසා සඳ හිරු සෑ රදුන් ඉදිරියේ පළමු දානමය පිංකම සිදුකෙරේ
සඳ හිරු සෑය උත්සවාකාරයෙන් නිරාවරණය කර අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති පදවිප්‍රාප්තියට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සඳහිරු සෑ විහාර පරිශ්‍රයේ දී මහා සංඝරත්නය වෙත ප්‍රථම වරට දානමය පිංකමක් ඊයේ (2021 නොවැම්බර් 19) පැවැත්විණි. මෙම ආගමික අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය, මැති ඇමතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ඔහුගේ බිරිඳ, යුධ හා නාවික හමුදාපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය නිලධාරීන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මීට සම්බන්ධ වී සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි