මීරිගම ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීවරයකු වැඩ භාර ගනියි
මීරිගම ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීවරයකු වැඩ භාර ගැනීමේ පෙළපාලිය 2022 ජනවාරි 12 වන දින පවත්වන ලද අතර එහිදී මෙතෙක් අණදෙන නිලධාරී වශයෙන් කටුයතු කළ ගෲප් කැප්ටන් එස් ඒ පී ටී පියරත්න මහතා විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව් ඩබ්ලිව් එන් ටී පී ප්‍රනාන්දු මහතා වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදි
නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව් ඩබ්ලිව් එන් ටී පී ප්‍රනාන්දු මහතා මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස පත් කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකරණ නිලධාරී - ගුවන් වශයෙන් කටයුතු කරන ලදී. ගෲප් කැප්ටන් එස් ඒ පී ටී පියරත්න මහතා 2022 ජනවාරි 14 වන දින සිට වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.