ගුවන් මිතුදම් 24 වැනි අදියර බොරැල්ල තන්නියාගම් දෙමළ පාසලේදී සාර්ථකව නිම කරන ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 28) දින 'ගුවන් මිතුදම්' 24 වන අදියර ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර මගින් බොරැල්ල තන්නියාගම් දෙමළ පාසලේදී සාර්ථකව නිම කරන ලදී.

ගුරුවරුන් 9 දෙනෙකු සහ සිසුන් 130 දෙනෙකු  අධ්‍යාපනය ලබන මෙම පාසලේ  ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කර ක්‍රියාකාරකම් කාමරයේ තීන්ත ආලේප කර පාසල් සිසුන් වෙත භාරදීම එදින සිදු විය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරෙහි අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ නිළධාරීතුමන්ගේ  අධීක්ෂණය යටතේ සිදු කෙරුණු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී.

මේ සඳහා ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජනකමාලි වාසගේ මහත්මිය ඇතුලු කඳවුරේ අනෙකුත් නිළධාරීන් සෙසු නිලයන් සහභාගී වූ අතර COVID-19 වැළැක්වීමේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙම උත්සවය පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි