ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය සමරයි
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය ඊයේ (2022 ජුනි 20) සමරන ලදී. දැනට මෙම අංශය සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ විෂයයන් පිළිබඳ පුහුණුව ලැබූ සිවිල් ඉංජිනේරු ශාඛා නිලධාරීන් 13 දෙනෙකුගෙන් සහ ගුවන් භටයින් 300කට අධික පිරිසකින් සමන්විත වේ.


ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්.පී.ඩී අනුරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර සැමරුම ආරම්භ වූ අතර ඉන් අනතුරුව ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ අසරණ දරුවන්ට සෙවණ සලසන “යශෝධරා ළමා නිවාසය” වෙත වියළි සලාක ඇසුරුම් ප්‍රදානයක් ද සිදු කරන ලදී. උත්සවයට සමගාමීව තවත් ශ්‍රමදාන ව්‍යාපාරයක් තෙලවල "ශ්‍රී රාහුල මහා විද්‍යාලය" හිදී පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි