බත්තරමුල්ල ජාතික යුද ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවයක්
2022 ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (2022 මැයි 19) පෙරවරුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී 13 වැනි වසරටත් පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ උත්තරීතර පරිත්‍යාගය සිහිකරමින් අතිගරු ජනාධිපතිතුමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), යුධ සහ නාවික හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි