ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අලුතින් ඉදිකරන ලද නිවසක් පරිත්‍යාග කරයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ නිවසක් ඉදිකර සැරයන් තුෂාන් කේඒඩී වෙත භාර දෙන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඑස්එන් ප්‍රනාන්දු මහතා සහ දියතලාව කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශානිකා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජූලි 21) දින බදුල්ල, උදයගම ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයන ලද අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් ඉදිකිරීම් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගේ අධීක්ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි