"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 37 වැනි අදියර මීරිගමදී සාර්ථකව නිමාවට පත් කෙරිණි
ගුවන් හමුදා මීරිගම කදවුර මගින් අද (2022 ජූලි 28) දින මීරිගම මඩිතියවෙල ප්‍රාථමික විද්‍යාලයේ දී"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 37 වන අදියර මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රියමාල් ප්‍රනාන්දු ගේ අධීක්ෂණය යටතේ සාර්ථකව අවසන් කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.
සිසුන් 300කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන මෙම පාසලේ සම්මන්ත්‍රණ, දෙමාපිය රැස්වීම්, සංස්කෘතික හා විනෝදාත්මක කටයුතු පැවැත්වීමට සුදුසු ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් ගුරුවරුන් මෙන්ම සිසුන්ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්හ. පාසලේ දෛනික කටයුතු සහ විනෝදාස්වාද කටයුතුවලට සුදුසු ඉඩක් ලබා දීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් අබලන් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර විදුලි පංකා සවි කර ක්‍රීඩා භාණ්ඩ, ජල පෙරනයක්, ලිපි ද්‍රව්‍ය ආදී අවශ්‍ය ද්‍රව්‍ය ද මෙදින පරිත්‍යාග කෙරිණි.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ මීරිගම ගුවන් හමුදා කදවුර මගින් ව්‍යාපෘතියට අරමුදල් සපයන ලද.මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, විද්‍යාලයේ ගුරු සිසු කැල, ගුවන් හමුදා මීරිගම කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී විය.