ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කදවුර සිය 11 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩී.එම්.ආර් දසනායක ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර අද (2022 අගෝස්තු 03) සිය 11 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.
 
සංවත්සර දින වැඩ සටහන සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් ආරම්භ කරන ලද අතර  අණදෙන නිලධාරිතුමන් විසින් සියලු නිලයන් සහ සිවිල් වැසියන් ඇමතීම සිදු කරන ලදී. අණදෙන නිළධාරීතුමා විසින් මෙම ස්ථානයෙහි වැදගත්කම අවධාරණය කළ අතර අභියෝගාත්මක අවස්ථාවන්හිදී සිවිල් වැසියන් ඇතුළු සියලුම සේවා පුද්ගලයින් විසින් දක්වන ලද වටිනා දායකත්වය අගය කරන ලදී. අනතුරුව සර්ව ආගමික වැඩසටහනක් සහ ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.
  
ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කදවුරේ සියලුම සේවාපුද්ගලයින් සහ මුදවා ගැනීමේ හමුදාව සමග එක්ව ඉරණමඩු අලගපුරි ප්‍රාථමික විද්‍යාලයේදී වියළි සලාක පරිත්‍යාගයක් පවත්වන ලදී. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ (රාමනාතපුරම්, මාවඩිඅම්මන් සහ මායානු) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා සලාක පැකට් 200 ක් ප්‍රදානය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි