ජාතික ආරක්ෂක විද්‍යාල ලාංඡනය ගුවන් හමුදාපතිවරයාට පිරිනැමේ
ජාතික ආරක්‍ෂක පාඨමාලාව දේශීයව හෝ විදේශීයව සාර්ථකව නිම කළ ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස්‌ නිලධාරීන් ඇගයීමට ලක්‌වන අභිනව ජාතික ආරක්‍ෂක විද්‍යාල ලාංඡනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත ජාතික ආරක්‍ෂක විදුහලේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසින් අද (2022 සැප්තැම්බර් 16) ගුවන් හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජාතික ආරක්ෂක විද්‍යාලයේ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික අධ්‍යක්ෂක එයාර් කොමදෝරු මනෝජ් කැප්පෙටිපොල මහතාද සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි