ගුවන් හමුදා නිලධාරීන් සඳහා 10 වන ගුවන් ආරක්ෂක වැඩමුළුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.
ගුවන් හමුදා නිලධාරීන් සඳහා 2022 වසර 10 වන ගුවන් ආරක්ෂණ වැඩමුළුව (2022 සැප්තැම්බර් 16) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී සාර්ථකව නිම කරන ලදී.
ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන් අතර ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කල අතර වැඩමුළුව සඳහා පොදු රාජකාරි නියමු, ගුවන් යානා සහ සාමාන්‍ය ඉංජිනේරු, මෙහෙයුම් ගුවන්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, සැපයුම්, රෙජිමේන්තු, වෛද්‍ය සහ සිවිල් ඉංජිනේරු යන අංශ 8 ක නිලධාරීන් සහභාගි වූහ.
දින 4 ක කාලය තුළ නිලධාරීන් 16 දෙනෙකු වැඩමුළුවට සහභාගී වු අතර මෙම වසර තුළ නිලධාරීන් සඳහා සැලසුම් කර ඇති වැඩමුළු දෙකෙන් පළමු වැඩමුළුව මෙය විය.වැඩමුළුව අවසානයේ වැඩබලන අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් බි.එම්.කේ.එන් වික්‍රමසිංහ විසින් සහතිකපත් ප්‍රදානය සහ පාඨමාලාවේ සමාප්ති දේශනය කරන ලදී.