2022 වසරේ විශිෂ්ඨ ක්‍රීඩා ජයග්‍රහකයින් හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් උපහාර පිරිනමන ලදී.
 ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති   ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  (AFSC)මහතා ප්‍රධානත්වයෙන් විසින් විශේෂ උපහාර උළෙලක් 2022 ඔක්තෝම්බර් 31 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම උත්සවයේදී ගුවන් හමුදා බේස්බෝල්, හොකී සහ රග්බි යන ක්‍රීඩා අංශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරන ලදී. මෙම ක්‍රීඩා වල ක්‍රීඩකයින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ශූරතා තරඟවලදී විශිෂ්ට දස්කම් දක්වා ඇත. මේ අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක්වූ දක්ෂ පුද්ගලයින් හට ජනාධිපති ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් විශේෂ ත්‍යාග පිරිනමන ලදී.

ගුවන් හමුදාපතිතුමන් විසින් ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන කෝප්‍රල් රණසිංහ ඕ.ඕ.සී.ක්‍රීඩිකාව හට සැරයන් නිලයට සහ නායක ගුවන් කාන්තා ෂෙහානි කේ.ජී.එම්  කෝප්‍රල් නිලයට උසස්වීම් ලබාදෙනු ලැබුවේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා T-20 ශූරතාවය 2022 තරගාවලියේ අනුශූරතාව ලබා ගැනීම සඳහා කැපවු ඔවුන්ගේ දක්‍ෂතා අගය කරමිනි.

විශේෂ පුද්ගලයින්ට අමතරව ගුවන් හමුදා රග්බි ප්‍රධාන පුහුණුකරු ෂැම්ලි අෆ්‍රාස් නවාස්, සහය පුහුණුකරු ඩිලාන් සොයිසා සහ ගුවන් හමුදා බේස්බෝල් පුහුණුකරු විහංග ද සිල්වා යන මහත්වරුන් ගුවන් හමුදා නාමය ඉහලට තැබීම සඳහා කළ නොපසුබට කැපවීම පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, සභාපතිවරුන්, ලේකම්වරුන්, කළමනාකරුවන් සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී විය.

උපහාර දැක්වු තනි පුද්ගල ප්‍රථිපල සාරාංශය

ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා- 2022
ගුවන්භට 2 දාබරේ ඒ.ටි.ඩි  පුහුණුව යටතේ

ජපාන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික බේස්බෝල් කුසලාන-2022 තරඟාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා
නායක ගුවන් භට සඳරුවන් ඩබ්ලිව්.ඩී.එස්

47 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී - මැරතන්
නායක ගුවන් භට රත්නපාල ටී.ඩබ්ලිව්

2 වැනි දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව 2022 ශූරතාව සඳහා කණ්ඩායම් සාමාජිකාව
පියාසර නිලධාරි එස්.ඒ.එන්.සසන්ති

2022 8 වැනි ලෝක කැරම් ශූරතාවලියේ අනුශූරතාව කණ්ඩායම් සාමාජිකයා
කෝප්‍රල් පෙරේරා බී.යූ.සී

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ඨ්-20 2022 ශූරතාවලියේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන්  කෝප්‍රල් රණසිංහ ඕ.ඒ
නායක ගුවන් කාන්තා ෂෙහානි කේ.ජී.එම්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි