අනුරාධපුර ගුවන් හමුදා කඳවුර 40 වැනි සංවත්සරය සමරණු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය  40 වන සංවත්සරය 2022 නොවැම්බර් 09 වන දින සමරනු ලැබීය. ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් අමිත ජයමහ මහතාගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව මෙම සංවත්සර උත්සවයට අනුගාමීව වැඩසටහන් මාලාවක් සහ ප්‍රජා ව්‍යාපෘති මාලාවක් පවත්වන ලදී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ කෙරුණු අතර කඳවුරු ක්‍රීඩා පිටියේ දී දැල්පන්දු සහ එල්ලේ තරඟාවලියක් පවත්වන ලදී අනතුරුව සියලුම නිලයන් සහ සිවිල් සේවක මන්ඩලය වෙත දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව 2022 නොවැම්බර් 06 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කරන ලදී. තවද, 2022 නොවැම්බර් 08 වන දින කවරක්කුලම විහාරස්ථානයේ "කොස් පැළ" සිටුවීමේ වැඩසටහන සහ අලගොල්ලෑව දේවස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී. 2022 නොවැම්බර් 9 වන දින අලගොල්ලෑව ගම්වාසීන් සහ අවට ප්‍රජාවගේ වෙනුවෙන් අක්ෂි පරීක්ෂා කිරීමේ සායනයක්,වෛද්‍ය සහ දන්ත සායනයක්, “කොස් පැළ” සිටුවීම සහ බෙදා හැරීමේ වැඩසටහන් අලගොල්ලෑවේදී පවත්වන ලදී.

අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිගේ පැසසුම් සහ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා ඇති අය සඳහා උපැස් යුගල එකසිය පනහක් පරිත්‍යාග කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි